Wednesday, April 11, 2012

ගර්භණි සමයේ දෙවන වකවානුව තුළ මතුවන ගැටළු ( සති 14 – 28 ත් තුළ )

ගර්භණි සමයේ දෙවන වකවානුව තුළ මතුවන ගැටළු ( සති 14 – 28 ත් තුළ )

1. මවගේ ඉරියව් වෙනස් වන්නේ කුමන කාලයකදීද?

  • ගර්භණි සමයේදී කටි කශේරුකාවල පෙර පිහිටි උත්තල හැඩය ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ලැබේ. මෙය උඩු කුදය ලෙස හඳුන්වනු ලැබේ. ගර්භාෂයේ විශාල වීමක් සමග ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වන බැවින් එය නැවත ස්ථාවර පිහිටීමකට ගෙන ඒමට මෙමගින් හැකියාව ලැබී ඇත.
  • මෙම උඩු කුදය වැඩිවීම හේතුවෙන් ගර්භණි සමයේ අවසාන කාලයේදී බෙල්ල ඉදිරියට ඒමත් උරහිස් කුද වීමත් නිසා අත්වල වේදනාව , පණ නැති ගතිය හා හිරි ගතිය වුවද ඇති විය හැක.

2. උකුල් ප්‍රදේශයේ වෙනස්වීම් සිදුවන්නේ කුමන කාලයේදීද?

  • කාන්තාවන් වැඩිවියට පත්වීමෙන් පසු අවු 3 ක් පමණ යන තුරු ශ්‍රෝණිය වර්ධනය වීමත් දක්නට ලැබේ. මේ හේතුව නිසාම තරුණ කාන්තාවන් විශේෂයෙන්ම වැඩිවියට පත් වී සුළු කාලයකින් ගර්භණි වු අවස්ථාවල ඔවුන්ගේ ප්‍රසුතිය අවහිර වීමට ඉඩකඩ ඇත.
  •  ගර්භණි සමයේදී යුනි සංරෝහය සාමාන්‍ය 7 mm – 8 mm පමණ ප්‍රමාණයකට වෙන් වීම සිදු වේ.
  •  මීට පෙර දරුවන් නොලැබු කාන්තාවන්ගේ යුනි සංරෝහය 3 mm – 4 mm ක් වන අතර බහු විජාත මව්වරුන්ගේ යුනි සංරෝහය 4.5 mm පමණ විශාල වන බව සොයා ගෙන ඇත.

3.භ්‍රෑණ චලන මුලින්ම දැනෙන්නේ කුමන කාලයේ දීද?

  • බොහෝ කාන්තාවන් ගර්භයට සති  20 වන විට භ්‍රෑණ චලන ආරම්භ වීම දැනේ.
  • පළමු ගර්භණි අවස්ථාව නම් මෙය සති 18 දී පමණ දැනෙන අතර ඊළග ගර්භණි අවස්ථාවල දී මීට කලින් එනම් සති 15 – 16 කාලයේදී මවට දැනේ.
  • මුලින් ඇතිවන භ්‍රෑණ චලන දැනෙනුයේ මව හිඳ ගෙන හෝ ඇල වි සිටින විට හා ඇගේ සිරුරේ ගැන අවදානයෙන් සිටින විටය.
  • මෙය සාමාන්‍යයෙන් කිතියක් ලෙස හෝ පිහාටුවක් ස්පර්ශ වීමක් ලෙස නාභියට පහළින් දැනේ.
  • දරුවන් විශාලවත්ම එම හැගීම ප්‍රබල වන අතර හඳුනා ගැනීම පහසුවන අතර එය නිරතුරුවම සිදු වේ.
  • අවම වශයෙන් භ්‍රෑණ විශාල වන විට පැයකට 4 වරක්වත් චලනය විය යුතු වේ.
  • දරුවාගේ සෞඛ්‍ය තත්වය නිර්ණය කිරීමට මෙම චලන මනින ලෙස ඇතැම් විට වෛද්‍යවරුන් විසින් මවට පවසනු ලැබේ.

4. ගර්භණි සමයේදී පියයුරුවල සිදුවන කුමන වෙනස්කම් සාමාන්‍යද?

  • තන පුඩුවට ආසාන්නයේ ඇති තද පැහැ ප්‍රදේශයේ කුඩා ගැටිති ඇතිවීම ගර්භණි සමයේ මැද කාලයේ සාමාන්‍යයෙන් සිදු වේ.
..................................................................................................................................................................

ගර්භණි සමයේ අවසාන වකවානුවේදී ( සති 28 ට පසු ) මතු වන ගැටළු

1. ගර්භණි සමයේදී ගර්භාෂයට කොපමණ විශාලවේද?

  • ගර්භණි වීමට පෙර ගර්භාෂයේ බර 70 g ක් පමණ වන අතර එහි ඇති කුහර ප්‍රදේශයේ පරිමාව 1 ml  ක් පමණ වේ.
  • නමුත් එය ගර්භණි සමය අවසන් වන විට බර 1 kg ක් දක්වා වැඩිවන අතර 20 lක් පමණ ද්‍රාවණ පරිමාවක්  අන්තර්ගත කිරීමට එහි කුහරයට අවකාශ ලැබේ.
  • එමෙන්ම ගර්භාෂයේ හැඩයද ගර්භණි සමයේදී වෙනස් වේ. ගර්භණි වීමට පෙර පෙයර් ගෙඩියක හැඩය දරන මෙය සති 28 ක් පමණ වන විට ගෝලාකාර වන අතර ප්‍රසුතිය ආසන්න වන විට ඕවලාකාර හැඩයක් ගනී.
  • ගර්භයට සති 12 – 14 ක් පමණ වන විට ගර්භාෂය උදර කුහරය හරහා ස්පර්ශ කිරීමේ හැකියාවක් ලැබේ.
  • ගර්භයට සති 20 ක් පමණ වන විට මව්වරු ගැබ්ගත් බව බාහිරින් නිරික්ෂණය කිරීමෙන් පෙනේ.

2.දරුවා ප්‍රසුත වීමට පෙර පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීම සාමාන්‍යද?

  • පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීමට හේතුවන්නේ ප්‍රොලැක්ටින් , Hpl , ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසාය.
  • ගර්භණි සමයේ මුල් සති 14 දී මව්කිරි ස්‍රාවය වීම දුලබ දසුනක් නොවේ.
  • ප්‍රසුතියෙන් පසු වැදෑමහ ඉවත් වීමෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉවත් වීමත් සමග මව්කිරි ස්‍රාවය වීමට තිබු බාධකය ඉවත්වීමක් සිදු වේ.
  • ගර්භණි සමයේ මැද කාලයේදී මවට කොලස්ට්‍රම් ස්‍රාවය කිරීමට හැකියාව ඇත.

2. දරුවා ප්‍රසුත වීමට පෙර පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීම සාමාන්‍යද?

  • ප්‍රසුතියට පෙර මව්කිරි ස්‍රාවය වීමෙන් ප්‍රසුතයෙන් පසු අඩුවෙන් මව්කිරි ස්‍රාවය වේ යන්න අදහස් නොවන බැවින් ඒ පිළිබඳව බිය විය යුතු නැත.
  • මව්කිරි සාමාන්‍යයෙන් ඉබේම කාන්දුවීමක් හෝ ගර්භයට මාස 9ක් පමණ වන විට මිරිකා ඇරීමට බොහෝ මව්වරුන්ට හැකියාව ඇත.
  • කොලස්ට්‍රම් නම් මෙම කිරි වර්ගය ලා පැහැ වතුර වැනි ද්‍රාවණයකි. මෙහි මේරූ මව්කිරිවලට වඩා ප්‍රෝටීන අධිකව හමුවන අතර මේද හමුවනුයේ සුළු ප්‍රමාණයකිනි.
  • ප්‍රසුතියෙන් පසු මවගෙන් මේරූ කිරි ස්‍රාවය වීම ආරම්භ වේ.

3. ගර්භණි සමයේදී සම අවපැහැ ගැන්වෙන්නේ ඇයි?

  • ගර්භණි සමයේදී MSH නම් හෝමෝනය වැඩිවීමකට ලක්වන අතර එය ඍජුවම මවගේ සම අවපැහැ ගැන්වීමට හේතු වේ.
  • මෙම අවපැහැ ගැන්වීම නාභිය වටා , කිහිලි ප්‍රදේශයේ , තන පුඩු වටා , ධවල රාය , විටපිය යන ප්‍රදේශවල සුලභවම සිදු වේ.
  • එමෙන්ම මුහුණේ අපිච්ඡදයේ මෙලනින් තැන්පත් වීම නිසා අව පැහැ ගැන්වේ. මෙය බහුලවම කම්මුල්වල සිදු වුවත් මුහුණ මැද හා පහළ ප්‍රදේශයේදී සිදු විය හැක.
  • 90 % ක් පමණ ගර්භණි කාන්තාවන් සම අවපැහැ ගැන්වීමට ලක් වේ.
  • අවශ්‍ය නම් සුදුසු හිරු ආවරණ ආලේපයක් ගැල්විය හැක.
  • මෙලෙස අවපැහැ ගැන්වීම ගර්භණි සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා සිදු වන බැවින් ප්‍රසුතයක් සමග මෙම තත්වය මග හැරී යයි.

4. ගර්භණි සමයේදී වෙනස්කම් ඇති වේද?

  • ගර්භණි මව්වරුන්ගේ ඇතැම් විට ඇස් වියළි විය හැක.
  • එමෙන්ම දෘෂ්ටි ත්‍රිව්‍රතාවයේ වෙනස්කම් සිදුවීමද වාර්තා වී ඇත.
  • ගර්භණි සමයේදී බොහෝ දුරට දුර බැලීමට හැකි ලෙස දෘෂ්ටි ත්‍රිව්‍රතාවය වෙනස් වන බව සොයා ගෙන ඇත.ගර්භණි සමයේදී කුරුලෑ බහුල වන්නේ ඇයි?
  • ගර්භණි වීමට පෙර කුරූලෑ සඳහා ගත් ඖෂධ ගර්භණි වීමත් සමග නැවතුයේ නම් එම තත්වය වැඩි වීමත් දක්නට ලැබිය හැකි අතර මෙය ගර්භණි වීම නිසාම ඍජුවම ඇතිවන්නක් නොවේ.
  • බොහෝ කාන්තාවන්ගේ කුරූලෑ තත්වය වැඩි වුවත් 1/3 ක් පමණ වු පිරිසකට එය සුව අතට හැරීමක්ද දක්නට ලැබිය හැක.
  • ගර්භණි සමයේදී වැඩිවන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා සමේ සිනේහස්‍රාවි ග්‍රන්ථිවලින් වැඩිවශයෙන් ස්‍රාවය වීමක් දක්නට ලැබේ.
  • ඇතැම් කාන්තාවන්ට ප්‍රසුතියෙන් පසුව ප්‍රථම වරට කුරුලෑ ඇති විය හැක.
  • සම තෙත් ගතියකින් පවත්වා ගැනීමෙන් මෙම තත්වය පාලනය කළ හැක. ඖෂධ අවශ්‍ය යැයි හැගේ නම් වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත් වේ.
  • එරිත්‍රොමයිසීන් ක්ලින්ඩමයිසීන් වැනි ආලේපන හා මුඛ මාර්ගයෙන් ගන්නා එරිත්‍රොමයිසීන් ගර්භණි සමයේ භාවිතය ආරක්ෂිත වේ.
  • ගර්භණි සමයේදී ටෙට්‍රසයික්ලීන් භාවිත නොකළ යුතුවේ.
  • එමෙන්ම මුහුණ හොඳින් පවිත්‍ර කිරීමේදී වැගත් වේ.

5. ගර්භණි සමයේදී පෙර පැවතී හිසරදය වෙනස්වේද?

  • බොහෝ කාන්තාවන්ගේ හිසරදය ගර්භණි සමයේදී වෙනස් වීමකට ලක් නොවේ. ඇතැම් කාන්තාවන්ට මෙය උත්සන්න වීම හෝ සුව වීම සිදු විය හැක.
  • මිග්‍රේන් නම් තත්වය ගර්භණි සමයේ සිදුවන ඊස්ට්‍රජන් හෝමෝන වැඩි විම නිසා සුව වීමක් දක්නට ලැබේ.
  • ගර්භණි සමයේදී විශේෂයෙන්ම පළමු සති 14 තුළදී හිසරදය පාලනය කරන ඖෂධ භාවිතය සිමා කළ යුතු වේ.
  • ඖෂධය භාවිත කිරීමට පෙර මානසික පීඩාකාරි තත්ව ඉවත් කිරීම මානසික සැහැල්ලු බව ඇතිකිරිම සුදුසු ව්‍යායාම් කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.

6. ගර්භණි සමයේදී පිත්තාශය රෝග තත්ව ඇති වීම බහුලවම සිදුවේද?

  • ගර්භණි සමයේදී පිත්තාශයේ රෝග බහුලවම හමු වේ.
  • පිත්තාශයේ ගල් ඇති විමට ඊස්ට්‍රජන් මට්ටම වැඩිවීම හේතු වේ. එමගින් පිත්තාශයේ ඇති පිතේ කොලොස්ටරෝල් සාන්ද්‍රණය වැඩි කරන අතර එමගින් පිත්ත ගල් අතිවීම වැඩි අවදානමකට ලක් කරනු ලැබේ.

7. ගර්භණි සමයේදී අක්මා රෝග සුලබව ඇතිවේද?

  • ගර්භණි සමයේදි අක්මා රෝගවල රෝග ලක්ෂණ බහුලව පෙන්නුම් කළද ( රුධිරයේ ඇල්බියුමින් මට්ටම අඩු වීම, කොලොස්ටරෝල් හා ඇල්කලයින් ‍ෆොස්ෆටේස් මට්ටම වැඩිවීම වැනි ) ඉන් මෙවැනි මව්වරුන් අක්මා රෝගවලට සුලභව ගොදුරු නොවන බව දැන ගත යුතු වේ.

8. ගර්භණි සමයේදී හිසකෙස්වල සිදුවන වෙනස්කම් මොනවාද?

  • · ගර්භණි සමයේදී ඇගේ ඇති රෝමවල හා හිස් කෙස්වල වෙනස්කම් බහුලවම සිදු වේ. ඇතැම් මව්වරුන්ගේ ඇගේ රෝම වැඩිම වැඩි වශයෙන් සිදුවීම දක්නට ලැබිය හැක.
  • එමෙන්ම හිස්කෙස්ද දිගු වීමක්ද සිදු වන අතර නව හිස කෙස් ඇති වීමට පැරණි හිස කෙස් ගැලවී යාමද දැක ගත හැක.
  • ප්‍රසුතියෙන් පසු හිස්කෙස් බහුලව ගැලවීයාමක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි.
  • සාමාන්‍යයෙන් දිනකට හිස්කෙස් 60 – 100 ක් පමණ ගැලවී යන අතර මෙය සාමාන්‍යයෙන් මාස 1 – 5 ක් පමණ කා‍ලයකදී යථා තත්වයකට පත්වේ.
  • මෙම හිස කෙස් ගැලවී යාම බොහෝ දුරට සිදුවනුයේ හිසේ ඉදිරි පස හා දෙපස ප්‍රදේශයේය. 
  • මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තවම සොයා ගෙන නැත.

9. ගර්භණි සමයේදී නින්ද ලබා ගන්නා රටාවේ වෙනස්කම් සිදුවන්නේ කෙසේද?

  • නින්දට බාධා පැමිණිමට පහත කරුණු හේතු විය හැක.
  • ඉරියව්වේ අපහසුතා
  • ගර්භ සංකෝචන
  • කකුලේ මස් පිඩු පෙරළීම.
  • ආමාශගත ද්‍රව්‍ය ඉහළට ඒම.
  • මුත්‍රා කරන වාර ගණන වැඩි වීම.
  • නින්ද විටින් විට බාධා වීමෙන් රටාව වෙනස්වීමක් දක්නට ලැබේ.
  • සාමාන්‍යයෙන් නිදා ගැනීමේ අවශ්‍යතාවය පළමු සති 28 දී වැඩි වුවත් එය ඉන්පසු අඩු වීමකට ලක්වේ. එමෙන්ම නින්දේ ගුණාත්මක වෙනස්කම්ද ගර්භණි සමයේදී සිදු වීම සාමාන්‍යයෙන් සිදුවීමකි.

10. ගර්භණි සමයේදී බර කොපමණ වැඩිවිය යුතුද?

  • ගර්භණි සමයේදී වැඩි විය යුතු බර ප්‍රමාණය ගර්භණි වීමට පෙර මවගේ බර මත තීරණය වේ.
  • බර අඩු මවක් සාමාන්‍යයෙන් රාත්තල් 28 – 40 ක ප්‍රමාණයක බර වැඩිවීමක් ගර්භණි සමයේදී සිදු විය යුතුය.
  • සාමාන්‍ය බරින් යුත් මවකට රාත්තල් 25 – 35 ත් අතර ප්‍රමාණයක් බර වැඩි වීමක් අවශ්‍ය වේ
  • වැඩි බර සහිත මවක් ගර්භණි සමයේදි රාත්තල් 15 – 25 ත් අතර බර ප්‍රමාණයක වැඩිවීමක් ගර්භණි සමයේදී සිදුවිය යුතුය.
  • ස්ථුල බවින් පෙළෙන මවකගේ ගර්භණි සමය තුළදී බර වැඩිවිය යුත්තේ රාත්තල් 11 – 20 ක් පමණ වු ප්‍රමාණයකිනි.
  • ඉහත බර වැඩිවීමේ දක්වා ඇත්තේ ගර්භාෂයේ එක් භ්‍රෑණයට පමණක් සිටින විටය. භ්‍රෑණ දෙකක් හෝ වැඩි ගණනක් ගර්භාෂයේ ඇති විම මීට වඩා බර වැඩි වීමක් සිදු වේ.

11. පියාගේ වයස වැඩිවීමෙන් දරුවාට අංග විකල තත්ව ඇති විය හැකිද?

  • මවගේ වයස වැඩිවන විට දරුවාට අංග විකලතා ඇතිවීමේ අවදානම වැඩි වුවත් එලෙස පියාගේ වයස වැඩි වීමෙන් මෙවැනි තත්වයක් වන බව තවමත් සොයා ගෙන නැත.
  • පුරුෂයන් වයසට යත්ම ඔවුන්ගේ ශුක්‍රාණුවල විකෘති තත්ව ඇති වීම වැඩි නමුත් එවැනි ශුක්‍රාණු වලට ඩිම්බ සංසේචනය කිරීමේ හැකියාව නොලැබී යයි.

12. ගර්භණි සමයේදී මව විසින් ආසන පටි පැළදිය යුතුද?

  • ගර්භණි සමයේදී ආසන පටි පැළදීම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුත්තකි. අනතුරකදී ආසන පටියෙන් දරුවා හිරවීමෙන් ඇතිවන හානියට වඩා මවට විය හැකි අනතුරු වල බරපතල බව ඊට වඩා වැඩිය.
  • ආසන පටි උකුල ඇට හරහා ගර්භණි උදරයට පහළින් පැළදිය යුතු වේ. උරහිසට දමන පටිය පියයුරු මැදින් හා ග්‍රීවා අස්ථිය මැදින් උරහිසට පැත්තකින් දැමිය යුතු වේ.
  • බද මල්ලෙන් ගර්භණි සමයට හානියක් සිදු නොවන බව හැගී නැතත් එම වා මල්ලට අඩි 10 කට ඇතින් ගර්භණි මවගේ උදරය තබා ගැනීම යෝග්‍ය වේ.

13. ගර්භණි සමයේදී දුර ගමන් සිමා කළ යුතුද?

  • දිගු කලක් ඉදගෙන සිටීමෙන් කකුල්වල ශිරාවල රුධිර ගලනය අඩුවේ. පැය දෙකකට වරක් එබැවින් කකුල් චලනය කිරීම වැදගත් වේ.

14. සම ඇදීමෙන් සිදුවන සලකුණු වළක්වා ගන්නේ කෙසේද?

  • මෙම සලකුණු වළකාවා ගැනීම සිදු කළ නොහැක.
  • මෙම සලකුණු ඇතිවන ප්‍රමාණය ජානමය සාධක මත තීරණය වේ.
  • මෙම සලකුණු සාමාන්‍යයෙන් ඇතිවන්නේ බර ඉක්මනින් අඩු වුවිට හෝ වැඩි වූ විටය.
  • එය කාලයත් සමග රිදී පැහැයට ලක්වන අතර සාමාන්‍ය සමේ පැහැයට පත් නොවේ.
  • මුල් කාලයේදී සලකුණුවලට ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වය අඩු කර ගත හැක.

15. ගර්භණි මව්වරුන්ට දත්ත වෛද්‍යවරයකු හමුවිය හැකිද?

  • ගර්භණි සමයේදී දත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ.
  • ගර්භණි සමයේදී විදුරුමස් සාමාන්‍යයෙන් ඉදිමෙන අතර ඉතා පහසුවෙන් සිරිමද ලේ ගැලිය හැක.
  • දත්වල කුහර, ආසාදන ආදිය ප්‍රතිකාර අවශ්‍ය නම් දත්ත වෛද්‍යවරයාට ඔබ ගර්භණි බව පැවසීම වැදගත්වේ.
  • බොහොමයක් ස්ථානීය නිර්වින්දන හා ප්‍රතිජීවක ගර්භණි සමයේදී ආරක්ෂිත ලෙස භාවිත කළ හැක.
  • එක්ස් කිරණ පරික්ෂාව අවශ්‍ය නම් පමණක් ගත යුතු අතර එම අවස්ථාවලදී උදරය ආවරණය කර ගැනීම වැදගත් වේ.
  • එක්ස් කිරණ වලට ගර්භණි මව විසින් වැලකිය යුත්තේ ගර්භය තුළදී එක්ස් කිරණවලට ලක්වු භ්‍රෑණ ළග කාල‍යේ පිළිකාවලට භාජනය වීමට හැකියාවක් ඇති බව හඳුනා ගෙන ඇත නිසාය.

16. ගර්භණි සමයේ මුත්‍රා ආසාදන වැඩිවන්නේ ඇයි?

  • ගර්භණි සමයේදී මුත්‍රාවල බැක්ටීරියා හමුවීම බහුලවම සිදුවේ. මෙය ගර්භණි නොවන මවකට රෝග ලක්ෂණ රහිතව සිදුවන්නේ නම් ඉබේම සුව වීමකට ලක්වේ.
  • මුත්‍රාවාහිනි විස්තාරණය වීම, මුත්‍රාශයෙන් මුත්‍රාවාහිනිවලට මුත්‍රා නැවත පැමිණිම, මුත්‍රාවල ඇති ප්‍රතිබැක්ටීරියාකාරක ක්‍රියාකාරිත්වය ගර්භණි සමයේදී අඩුවීම මීට හේතු ලෙස දැක්විය හැක.
  • එමෙන්ම ගර්භණි මව්වරුන්ට මුත්‍රා ආසාදන වැළදුණු විට වෙනත් පුද්ගලයන් පෙන්වන රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැම් විට රෝග ලක්ෂණ නොපෙන්වීමද දක්නට ලැබේ.

15. ප්‍රසුතියෙන් පසු ගර්භාෂයට නැවත යථා තත්වයට පත්වන්නේ කුමන කාලයකට පසුද?

  • ගර්භාෂය ගර්භණි වීමට පෙර තිබු විශාලත්වයට පත්වීමත් ප්‍රසුතියෙන් සති 6 කට පමණ පසු සිදුවේ.
  • මෙම ක්‍රියාවලියේදී මවට ගර්භ සංකෝචනය දැනීමත් සිදුවේ. විශේෂයෙන්ම මෙම දැනීම මව් කිරි දෙන විට ඇති විය හැක.

ගර්භණි මව්වරුන්ට පළමු සති 14 තුළදී බහුලව මතුවන ගැටළු

ගර්භණි මව්වරුන්ට පළමු සති 14 තුළදී බහුලව මතුවන ගැටළු

1.      ගර්භණි වීමක් මුලින්ම පෙන්නුම් කරන්නේ කෙසේද ?

  • ගර්භණි වීම පෙන්නුම් කරන මුල්ම ලක්ෂණය වන්නේ ඔසප් වීම නැවතීමයි.එනමුත් ඔසප්වීම අක්‍රමවත් කාන්තාවන්ට මෙම ලක්ෂණය මගින් ගර්භණි වුවාද යන්න හඳුනා ගත නොහැක.
  • මෙම කාල සීමාවේදී බොහෝ කාන්තාවන් විසින් මුත්‍රා කරන වාර ගණන වැඩි වීම , මහන්සි බව , ඔක්කාරය හා හෝ වමනය පියයුරුවල වේදනාකාරි ගතිය ආදිය අත් දකිනු ලැබේ.
  • සංසේචනයේ පසු දින 9 – 12 කට පසු ඔසු හල්වල ඇති ගර්භණි බව පරික්ෂා කරන මුත්‍රා පරික්ෂණවලින් බොහෝ දුරට ගර්භණි බව සොයා ගත හැකි වේ.
  • මෙම පරික්ෂණ කලින් සිදු කිරීමෙන් පසුව මතු වන ගැටළු බොහොමයක් අවම කර ගත හැක.

2.සංසේවිත ඩිම්බය අධිරෝපණය වන්නේ සංසේචනයෙන් කොපමණ කලකට පසුවද?

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයට පැමිණෙනුයේ සෛල 2 – 8 ත් අතර වු කළල ලෙසයි. ඉන්පසු එය ගර්භාෂය තුළදී සංසේචනයෙන් පසු දින 4 – 7 ක් පමණ කාලයක් නිදහසේ ගමන් කරනු දක්නට ලැබේ.
  • බොහෝ කළල මොරියුලා නම් තත්වයේදී එනම් සංසේචනය වී දින 6 කින් පසු අධිරෝපණය වීමට පටන් ගනී.
  • ගර්භාෂ අන්තෝමාතෘක ස්ථරය අධිරෝපණයට සුදුසු තත්වයට පත්ව ඇති අතර එය කළලය අධිරෝපණය වීමට අවශ්‍ය පරිසරය ලබා දෙනු ලැබේ.

3.පළමු සති 14 තුළදීගර්භණි බව හඳුනා ගැනීමට භාවිත කළ හැකි නිර්වද්‍යම පරික්ෂණය කුමක්ද?

  • β hCG නම් හෝමෝනය කළලය අධිරෝපණය වු දවසේම වැදෑමහ සෛල මගින් නිෂ්පාදනය කරනු ලැබේ.ඉන්පසු මෙම හෝමෝනය ඉක්මනින් මවගේ රුධිරයේ හා මුත්‍රාවල වැඩි වෙනු දක්නට ලැබේ.රුධිරය ගෙන සිදු කරන hCG  හෝමෝන පරික්ෂාව වඩාත් සංවේදි හා විශේෂිත පරික්ෂණය වේ.සංසේචනයෙන් පසු දින 8 – 9 කට පසු මෙම හෝමෝනය මාතෘ රුධිරයේ හා මුත්‍රාවල හමු වේ.සාමාන්‍යයෙන් ගර්භණි සමයේ මුල් කාලයේදි දින 2 කට වරක් hCG හෝමෝන මට්ටම දෙගුණ වීමක් දක්නට ලැබේ.එනමුත් සෞඛ්‍ය සම්පන්න ගර්භණි බවකදී 33 % කින් පමණ වුවද මෙම වැඩිවීම දක්නට ලැබිය හැක. hCG හෝමෝන මට්ටම ගර්භායට  දින 60 – 70 ක් වන තුරු වැඩිවන අතර ඉන් පසු අඩු වීමට පටන් ගන්නා අතර එහි අවම අගයට දින 100 – 130 ක් අතරදි ළගා වේ.එය කිසිම විටක ඊට වඩා අඩු වීමක් ගර්භණි සමය අවසන් වන තුරු සිදු නොවේ.මෙම hCG හෝමෝන පරික්ෂාව ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව මැනිය හැක.මුත්‍රා hCG හෝමෝන පරික්ෂණයේදී සංවේදී බව හා විශේෂිත බව වෙනස් වේ.
  • ගර්භණි බව පෙන්වීමට රුධිර 1 ml කට hCG හෝමෝනය මිලි අන්තර්ජාතික ඒකක 2 – 5 ක් අතර ප්‍රමාණයක්වත් තිබිය යුතු වේ.එනමුත් මුත්‍රා පරික්ෂණයක් සිදු කිරීමට ml එකකට hCG හෝමෝනය 20 mIU ක් තිබිය යුතු වේ. එනම් මුත්‍රා පරික්ෂණයෙන් හඳුනාගත හැක්කේ මව මීළග ඔසප්වීම අපේක්ෂා කරන දවසට දින දෙක තුනකට පෙරය.මුත්‍රා පරික්ෂණය පහසු අතර එය සිදු කිරීමට අවශ්‍ය මෙවලම් වෙළඳපොලේ පහසුවෙන් ලබා ගත හැක. එමෙන්ම පරික්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 3 – 5ක් ඇතුළත ලබා ගත හැකි වේ.මෙම පරික්ෂණයෙන් සිදුවනුයේ hCG හෝමෝනයේ β  උප ඒකකය හඳනා ගැනීමයි.ගබ්සාවීමකින් දින කිහිපයකට පසුව වුවද මෙම hCG හෝමෝනය මුත්‍රාවල පෙන්නුම් කිරීමක් සිදු විය හැක.එමෙන්ම ඇතැම් විට මුත්‍රා ඉතා තනුක වු විට හෝ මව විසින් ගන්නා ඖෂධවල බලපෑම් නිසා හෝ පරික්ෂණ සාවද්‍ය ලෙස කිරීමෙන් මව ගර්භණි වුවත් ගර්භණි නොවු ලෙස පෙන්නුම් කළ හැක.මවගේ රුධිරය ගෙන ගර්භණි වු බව හඳුනා ගත හැකි ක්‍රම කිහිපයක් ඇත.
  • ü  ELISA ක්‍රමය -බහුලවම භාවිත කරන ක්‍රමය වේ. මෙහිදී සමස්ථ β hCG හෝමෝන මට්ටම මැනිය හැකි වේ. 

4.   ගර්භණි සමයේදී ගර්භාෂයේ මාංශ පේශි පෙරළිමකට ලක්වීම සාමාන්‍යද?

  • ගර්භණි සමයේ මුල් කාලයේදී ගර්භාෂයේ මාංශ පේශි පෙරළීම සිදු කරනුයේ හෝමෝන වෙනස්කම් නිසා සිදුවන සාමාන්‍ය සිදුවීමක් ලෙසයි.
  •  ගර්භණි සමයේ අවසාන වකවානුවේදි ඊට හේතු විය හැක්කේ ගර්භාෂය වර්ධනය වීමයි.
  • එනමුත් එම මස්පිඩු පෙරළීම පෙර ගර්භණි තත්වවලට වඩා වෙනස්නම් හෝ එම තත්වය බරපතල වන්නේ නම් හෝ එය යෝනාමාර්ගික රුධිර වහනයක් සමගව පවතී නම් එය එක්ටොපිය හෝ ගබ්සාවීමක සලකුණක් විය හැක. එබැවින් වෛද්‍ය උපදෙස් එම අවස්ථාවලදී ලබා ගැනීම වැදගත් වේ.

5 ගර්භණි මව්වරුන්ට මහන්සිගතිය දැනෙන්නේ ඇයි?

  • මෙය ගර්භණි සමයේ මුල් කාලයේ ඇති විට සාමාන්‍ය සිදු වීමකි.
  • අළුත් ගර්භණි බව නිසා සිරුර තුළ වෙනස්කම් ඇතිවන බැවින් ගර්භණි කාන්තාවන් විසින් තෙහෙට්ටු ගතියක් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඔවුන්ට නිදා ගැනීමට ඇති අවශ්‍යතාවයද වැඩිවේ.
  • මෙම තෙහෙට්ටු බවට හේතුවන කරුණු
රුධිර පිඩනය අඩුවීම.
රුධිර සිනි මට්ටම අඩු වීම.
හෝමෝන වෙනස්කම් ( ප්‍රොජෙස්ටරොන් වැනි)
පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම්
ගර්භණි සමයේදී ඇතිවන භෞතික විද්‍යාත්මක රක්තහීනතා තත්වය.
ඔබට වැඩිවශයෙන් තෙහෙට්ටු ගතියක් දැනෙන්නේ නම් වෛද්‍යවරයකු හමුවිම වැදගත් වේ.

බබා ලැබෙන දවස


බබා ලැබෙන දවස

• සාමාන්‍යයෙන් ගර්භනි සමය දින දෙසිය අසුවක් හෙවත් සති හතලිහක් පවතී. බොහෝ මව්වරුන් තම දරුවා ලැබෙන දිනය ගැන උනන්දු   වෙන අතර එය දැන ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කළ හැක.
• මව තම අන්තිම මාසික සුද්ධිය ඇති වූ දිනය දන්නේ නම් එම දිනයට මාස නමයක් හා දින හතක් එකතු කිරිමෙන් එම දිනය ලබා ගත හැකිවේ.
උදාහරණයක් ලෙස යම් ස්ත්‍රියකට අන්තිම මාසික ශුද්ධිය වූ දිනය 2007.08.15 නම් දරුවා ලැබිය යුතු දිනය වන්නේ 2008.05.22 දිනය.



මෙලෙස ගණනය කිරීමට සැපිරිය යුතු සාධක
මාසික ශුද්ධිය දවස් 28 කට වරක් සිදු වීම.
අවසාන මාසික ශුද්ධිය සාමාන්‍ය ඔසප් චක්‍රයකින් පසුව සිදු  වීම
( උදාහරණ ලෙස උපත් පාලන පෙති භාවිතය නතරකිරීමෙන් පසුව සිදු   නොවීම දැක්විය හැක.)
• මෙවැනි අවස්ථාවලදී අල්ට්‍රාසවුන්ඞ් පරික්ෂාව, දරුවා ලැබෙන දිනය තීරණය කිරීමට ඉවහල් වේ.
•  එය සාමාන්‍යයෙන් සති එකොළහත් දහහතරත් අතර සිදු  කරනු ලැබෙන අතර සති විස්සකට පෙර
සිදු  කරන අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණ මගින් ලබා දෙන දිනය බොහෝ දුරට නිවැරදි වේ.
• නමුත් සති විස්සෙන් පසු එහි නිර්වද්‍යතාවය අඩු වේ. ඊට හේතුවන්නේ එක් එක් භ්‍රූණයේ වර්ධන
වේගයෙන් එකිනෙකට වෙනස් වීමයි. 
මෙලෙස එක් දිනයක් දරුවා ලැබෙන දවස ලෙස ලබා දුන්නත් දරුවා සති තිස්හතත් - හතලීස්දෙකත් අතර ලැබීම සාමාන්‍ය දරු උපතක් සිදු වන කාල වකවානුව ලෙස දැක්විය හැක. 
ඇතැම් අවස්ථාවලදී ඔසප් චක්‍රය භාවිතයෙන් ගනු ලබන දවසත් අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණයෙන් ලැබෙන දිනයත් වෙනස් වේ. අල්ට්‍රාසවුන්ඞ් දිනය හා මාසික ශුද්ධිය අනුව ගත් දිනය අතර පරතරය හතට අඩු නම් ඔසප් චක්‍රයේ ලබාගත් දිනයද, පරතරය දින හතට වැඩි නම් අල්ට්‍රාසවුන්ඞ් දිනයද භාවිතා කරනු ලැබේ.

ගැබිණි කාලයේ වැඩ කිරීම

ගැබිණි කාලයේ වැඩ කිරීම

ගර්භනී බව නිසා සිරුරට කායික හා පරිවෘත්තීය ලෙස වැඩි කාර්යයක් සිුකිරිමට හේතුවේ. එම නිසා විවේකය අත්‍යාවශ්‍ය වන අතර එයින් සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු නැවැත්විය යුතු බවක් අදහස් නොවේ.ශරීරය පීඩාවට පත්කරන අනවශ්‍ය කායික ව්‍යායාමවලින් වැළකී සිටිය යුතුය. ගෙ දොර එදිනෙදා කළ වැඩකටයුතු ගැබිණි කලද එසේම කළ හැකි නමුත් ගර්භ සංකූලතා ඇති වුවහොත් වැඩ කිරීම සීමා කිරිම සිදුකල කළ හැක.

ගැබිණි කත රැකියාවක් කරන්නේ නම් ඇය කරන කාර්යය අනුව එය  සිදු  කල යුතුද නැද්ද තීරණය වේ. එක තැන සිට කරන රැකියාවක් ප්‍රසූතිය සිදු වන ආසන්න දින දක්වාම  සිදු  කළ හැකි මුත් අධික කායික වෙහෙසකින්  සිදු  කරන කාර්යයන් සිමා කළ යුතුව පවතී.
එමෙන්ම අධික බර එසවීම ගැබිණි කාලයේ යෝග්‍ය නැත. පහසුවෙන් දෙඅතින් ඔසවා ගත හැකි යමක් හැරුණු විට වෙනත් බරක් ඔසවා ගැනීම  සිදු නොකළ යුතුය.
බිම ඇති දෙයක් එසවීමේදී දෙකට නැමී එසවීම  සිදු  නොකළ යුතු අතර දෙපා දණහිසින් නවා පහත් වී සිරුරට කිට්ටුවෙන් ගෙන එසවිය යුතුය.එම නිසා කොන්දට බලපෑමක්  සිදු  නොවේ.
කුඩා දරුවන් සිටී නම් ඒ අය එසවීමේදීද නිවැරදි පිළිවෙත් අනුගමනය කළ යුතුවේ.දණ ගසා දරුවන්ගේ ඉදිරියෙන් හෝ පැත්තෙන් වාඩිගෙන දරුවා සුරතල් කළ යුතුවේ.
එමෙන්ම ගැබිණි මවක් ගමන් බිමන් යාමේදි සැලකිලිමත් විය යුතුවේ. විශේෂ අවස්ථාවක මිස දුර ගමන් යාමෙන් වැළකි සිටිය යුතු අතර එලෙස යන්නේ නම් සැතපුම් තිහකට වරක්වත් නවතා දෙපා දිග හැර ගැනීමත්, මුත්‍රාකිරිමටත් වගබලාගත යුතුය.
ඊට හේතුව පිරුණු මුත්‍රාශයක් තිබිය දි දරුවා කුස තුළ දැගලීමට පටන් ගත් විට එය අපහසුකාරී විය හැකි බැවිනි. ගැබිණි සමයේ මුල් කාලයේ වමනය, ඔක්කාරය ඇති නිසා දුර ගමන් යාමේදී එම තත්වයට වැඩිවිය හැකි අතර එවැනි ගමන් සීමා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.ගැබිණි කල හවසට ඇවිදීමෙන් සතුටක්, ප්‍රමෝදයක් ලැබේ නම් එය  සිදු කිරිමේ වරදක් නැත. නමුත් අනවශ්‍ය ලෙස සිරුර වෙහෙසට පත්කිරීම නොකළ යුතුවේ.