Wednesday, April 11, 2012

බබා ලැබෙන දවස


බබා ලැබෙන දවස

• සාමාන්‍යයෙන් ගර්භනි සමය දින දෙසිය අසුවක් හෙවත් සති හතලිහක් පවතී. බොහෝ මව්වරුන් තම දරුවා ලැබෙන දිනය ගැන උනන්දු   වෙන අතර එය දැන ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කළ හැක.
• මව තම අන්තිම මාසික සුද්ධිය ඇති වූ දිනය දන්නේ නම් එම දිනයට මාස නමයක් හා දින හතක් එකතු කිරිමෙන් එම දිනය ලබා ගත හැකිවේ.
උදාහරණයක් ලෙස යම් ස්ත්‍රියකට අන්තිම මාසික ශුද්ධිය වූ දිනය 2007.08.15 නම් දරුවා ලැබිය යුතු දිනය වන්නේ 2008.05.22 දිනය.



මෙලෙස ගණනය කිරීමට සැපිරිය යුතු සාධක
මාසික ශුද්ධිය දවස් 28 කට වරක් සිදු වීම.
අවසාන මාසික ශුද්ධිය සාමාන්‍ය ඔසප් චක්‍රයකින් පසුව සිදු  වීම
( උදාහරණ ලෙස උපත් පාලන පෙති භාවිතය නතරකිරීමෙන් පසුව සිදු   නොවීම දැක්විය හැක.)
• මෙවැනි අවස්ථාවලදී අල්ට්‍රාසවුන්ඞ් පරික්ෂාව, දරුවා ලැබෙන දිනය තීරණය කිරීමට ඉවහල් වේ.
•  එය සාමාන්‍යයෙන් සති එකොළහත් දහහතරත් අතර සිදු  කරනු ලැබෙන අතර සති විස්සකට පෙර
සිදු  කරන අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණ මගින් ලබා දෙන දිනය බොහෝ දුරට නිවැරදි වේ.
• නමුත් සති විස්සෙන් පසු එහි නිර්වද්‍යතාවය අඩු වේ. ඊට හේතුවන්නේ එක් එක් භ්‍රූණයේ වර්ධන
වේගයෙන් එකිනෙකට වෙනස් වීමයි. 
මෙලෙස එක් දිනයක් දරුවා ලැබෙන දවස ලෙස ලබා දුන්නත් දරුවා සති තිස්හතත් - හතලීස්දෙකත් අතර ලැබීම සාමාන්‍ය දරු උපතක් සිදු වන කාල වකවානුව ලෙස දැක්විය හැක. 
ඇතැම් අවස්ථාවලදී ඔසප් චක්‍රය භාවිතයෙන් ගනු ලබන දවසත් අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණයෙන් ලැබෙන දිනයත් වෙනස් වේ. අල්ට්‍රාසවුන්ඞ් දිනය හා මාසික ශුද්ධිය අනුව ගත් දිනය අතර පරතරය හතට අඩු නම් ඔසප් චක්‍රයේ ලබාගත් දිනයද, පරතරය දින හතට වැඩි නම් අල්ට්‍රාසවුන්ඞ් දිනයද භාවිතා කරනු ලැබේ.

No comments:

Post a Comment