Wednesday, April 11, 2012

ගර්භණි මව්වරුන්ට පළමු සති 14 තුළදී බහුලව මතුවන ගැටළු

ගර්භණි මව්වරුන්ට පළමු සති 14 තුළදී බහුලව මතුවන ගැටළු

1.      ගර්භණි වීමක් මුලින්ම පෙන්නුම් කරන්නේ කෙසේද ?

  • ගර්භණි වීම පෙන්නුම් කරන මුල්ම ලක්ෂණය වන්නේ ඔසප් වීම නැවතීමයි.එනමුත් ඔසප්වීම අක්‍රමවත් කාන්තාවන්ට මෙම ලක්ෂණය මගින් ගර්භණි වුවාද යන්න හඳුනා ගත නොහැක.
  • මෙම කාල සීමාවේදී බොහෝ කාන්තාවන් විසින් මුත්‍රා කරන වාර ගණන වැඩි වීම , මහන්සි බව , ඔක්කාරය හා හෝ වමනය පියයුරුවල වේදනාකාරි ගතිය ආදිය අත් දකිනු ලැබේ.
  • සංසේචනයේ පසු දින 9 – 12 කට පසු ඔසු හල්වල ඇති ගර්භණි බව පරික්ෂා කරන මුත්‍රා පරික්ෂණවලින් බොහෝ දුරට ගර්භණි බව සොයා ගත හැකි වේ.
  • මෙම පරික්ෂණ කලින් සිදු කිරීමෙන් පසුව මතු වන ගැටළු බොහොමයක් අවම කර ගත හැක.

2.සංසේවිත ඩිම්බය අධිරෝපණය වන්නේ සංසේචනයෙන් කොපමණ කලකට පසුවද?

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයට පැමිණෙනුයේ සෛල 2 – 8 ත් අතර වු කළල ලෙසයි. ඉන්පසු එය ගර්භාෂය තුළදී සංසේචනයෙන් පසු දින 4 – 7 ක් පමණ කාලයක් නිදහසේ ගමන් කරනු දක්නට ලැබේ.
  • බොහෝ කළල මොරියුලා නම් තත්වයේදී එනම් සංසේචනය වී දින 6 කින් පසු අධිරෝපණය වීමට පටන් ගනී.
  • ගර්භාෂ අන්තෝමාතෘක ස්ථරය අධිරෝපණයට සුදුසු තත්වයට පත්ව ඇති අතර එය කළලය අධිරෝපණය වීමට අවශ්‍ය පරිසරය ලබා දෙනු ලැබේ.

3.පළමු සති 14 තුළදීගර්භණි බව හඳුනා ගැනීමට භාවිත කළ හැකි නිර්වද්‍යම පරික්ෂණය කුමක්ද?

  • β hCG නම් හෝමෝනය කළලය අධිරෝපණය වු දවසේම වැදෑමහ සෛල මගින් නිෂ්පාදනය කරනු ලැබේ.ඉන්පසු මෙම හෝමෝනය ඉක්මනින් මවගේ රුධිරයේ හා මුත්‍රාවල වැඩි වෙනු දක්නට ලැබේ.රුධිරය ගෙන සිදු කරන hCG  හෝමෝන පරික්ෂාව වඩාත් සංවේදි හා විශේෂිත පරික්ෂණය වේ.සංසේචනයෙන් පසු දින 8 – 9 කට පසු මෙම හෝමෝනය මාතෘ රුධිරයේ හා මුත්‍රාවල හමු වේ.සාමාන්‍යයෙන් ගර්භණි සමයේ මුල් කාලයේදි දින 2 කට වරක් hCG හෝමෝන මට්ටම දෙගුණ වීමක් දක්නට ලැබේ.එනමුත් සෞඛ්‍ය සම්පන්න ගර්භණි බවකදී 33 % කින් පමණ වුවද මෙම වැඩිවීම දක්නට ලැබිය හැක. hCG හෝමෝන මට්ටම ගර්භායට  දින 60 – 70 ක් වන තුරු වැඩිවන අතර ඉන් පසු අඩු වීමට පටන් ගන්නා අතර එහි අවම අගයට දින 100 – 130 ක් අතරදි ළගා වේ.එය කිසිම විටක ඊට වඩා අඩු වීමක් ගර්භණි සමය අවසන් වන තුරු සිදු නොවේ.මෙම hCG හෝමෝන පරික්ෂාව ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව මැනිය හැක.මුත්‍රා hCG හෝමෝන පරික්ෂණයේදී සංවේදී බව හා විශේෂිත බව වෙනස් වේ.
  • ගර්භණි බව පෙන්වීමට රුධිර 1 ml කට hCG හෝමෝනය මිලි අන්තර්ජාතික ඒකක 2 – 5 ක් අතර ප්‍රමාණයක්වත් තිබිය යුතු වේ.එනමුත් මුත්‍රා පරික්ෂණයක් සිදු කිරීමට ml එකකට hCG හෝමෝනය 20 mIU ක් තිබිය යුතු වේ. එනම් මුත්‍රා පරික්ෂණයෙන් හඳුනාගත හැක්කේ මව මීළග ඔසප්වීම අපේක්ෂා කරන දවසට දින දෙක තුනකට පෙරය.මුත්‍රා පරික්ෂණය පහසු අතර එය සිදු කිරීමට අවශ්‍ය මෙවලම් වෙළඳපොලේ පහසුවෙන් ලබා ගත හැක. එමෙන්ම පරික්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 3 – 5ක් ඇතුළත ලබා ගත හැකි වේ.මෙම පරික්ෂණයෙන් සිදුවනුයේ hCG හෝමෝනයේ β  උප ඒකකය හඳනා ගැනීමයි.ගබ්සාවීමකින් දින කිහිපයකට පසුව වුවද මෙම hCG හෝමෝනය මුත්‍රාවල පෙන්නුම් කිරීමක් සිදු විය හැක.එමෙන්ම ඇතැම් විට මුත්‍රා ඉතා තනුක වු විට හෝ මව විසින් ගන්නා ඖෂධවල බලපෑම් නිසා හෝ පරික්ෂණ සාවද්‍ය ලෙස කිරීමෙන් මව ගර්භණි වුවත් ගර්භණි නොවු ලෙස පෙන්නුම් කළ හැක.මවගේ රුධිරය ගෙන ගර්භණි වු බව හඳුනා ගත හැකි ක්‍රම කිහිපයක් ඇත.
  • ü  ELISA ක්‍රමය -බහුලවම භාවිත කරන ක්‍රමය වේ. මෙහිදී සමස්ථ β hCG හෝමෝන මට්ටම මැනිය හැකි වේ. 

4.   ගර්භණි සමයේදී ගර්භාෂයේ මාංශ පේශි පෙරළිමකට ලක්වීම සාමාන්‍යද?

  • ගර්භණි සමයේ මුල් කාලයේදී ගර්භාෂයේ මාංශ පේශි පෙරළීම සිදු කරනුයේ හෝමෝන වෙනස්කම් නිසා සිදුවන සාමාන්‍ය සිදුවීමක් ලෙසයි.
  •  ගර්භණි සමයේ අවසාන වකවානුවේදි ඊට හේතු විය හැක්කේ ගර්භාෂය වර්ධනය වීමයි.
  • එනමුත් එම මස්පිඩු පෙරළීම පෙර ගර්භණි තත්වවලට වඩා වෙනස්නම් හෝ එම තත්වය බරපතල වන්නේ නම් හෝ එය යෝනාමාර්ගික රුධිර වහනයක් සමගව පවතී නම් එය එක්ටොපිය හෝ ගබ්සාවීමක සලකුණක් විය හැක. එබැවින් වෛද්‍ය උපදෙස් එම අවස්ථාවලදී ලබා ගැනීම වැදගත් වේ.

5 ගර්භණි මව්වරුන්ට මහන්සිගතිය දැනෙන්නේ ඇයි?

  • මෙය ගර්භණි සමයේ මුල් කාලයේ ඇති විට සාමාන්‍ය සිදු වීමකි.
  • අළුත් ගර්භණි බව නිසා සිරුර තුළ වෙනස්කම් ඇතිවන බැවින් ගර්භණි කාන්තාවන් විසින් තෙහෙට්ටු ගතියක් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඔවුන්ට නිදා ගැනීමට ඇති අවශ්‍යතාවයද වැඩිවේ.
  • මෙම තෙහෙට්ටු බවට හේතුවන කරුණු
රුධිර පිඩනය අඩුවීම.
රුධිර සිනි මට්ටම අඩු වීම.
හෝමෝන වෙනස්කම් ( ප්‍රොජෙස්ටරොන් වැනි)
පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම්
ගර්භණි සමයේදී ඇතිවන භෞතික විද්‍යාත්මක රක්තහීනතා තත්වය.
ඔබට වැඩිවශයෙන් තෙහෙට්ටු ගතියක් දැනෙන්නේ නම් වෛද්‍යවරයකු හමුවිම වැදගත් වේ.

No comments:

Post a Comment